සම්බන්දන්, සංගක්කාර සහ අපි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන්ට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය. සම්බන්දන්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි රතු හිතුවක්කාරයා මීට දින කිහිපයකට පෙර යෝජනා කලේය. ඒ සටහනට මෙතැනින්. නව විපක්ෂ නායකවරයාට රතු හිතුවක්කාරයාගේ සුබ පැතුම්.

කුමාව නොදන්නා අරා

ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ යනු මේ රටේ යුක්තිය සාධාරණය උදෙසා පෙනී සිටින්නට ගොඩනැගුව පක්ෂයය.

ලිවිං ටුගෙදර් වගේද කසාදේ?

දැන් මගුල අහවරය. “ලිවිං ටුගෙදර්” හිටපු දවස් සීය හමාරවුණු නිසා අගෝස්තු 17 දා අලි මනාලයාට “ලංකා” මනාලියගේ දෙමාපිය, නෑ සිය මිතුරු කැමැත්ත හෙවත් ඡන්දය ලැබුණේය.

උඹ වෙනුවෙන් වෙනස් කරන්නට ලෝකයක් මට ඇත

හිතුවක්කාර ජීවිතය 04 මෙතැනින් පහුගිය ඉරිදා දවස මං ගෙවුවේ නිට්ටඹුවේ “නව දිශාන්තය” නේවාසික කඳවුරේ. නව දිශාන්තය කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ආයතනයක්. මෙතනට මං ගියේ මගේ පොඩි අයියා බලන්න. ඔව් ! මගේ අයියා කුඩුකාරයෙක්…!

වැඩියෙන්ම වැරදුණේ වමට කියලත් කතාව නතර වෙන්න පුළුවන්

Originally posted on JANARALA:
ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න විසින් සිය දෙවැනි කාව්‍ය සංග‍්‍රහය ලෙස ‘වැඩියෙන්ම වැරදුණේ කවියන්ට’ කෘතිය එළිදැක්වූ දින මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි විසින් ‘70 – 80 දශකවල සිංහල කවියේ දේශපාලන රෝමාන්තිකභාවය සහ අද කවිය’ යන තේමාවෙන් කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්ත සටහනකි මේ. වැරදීම් පිළිබඳ මිනිස් ඉරණමේ විවිධ පැති මානයන්ට අපේ ජීවිත ගොදුරු වෙමින් තිබෙන මොහොතක…

ජනවාරි 08 – සමාජවාදයට අත වනයි

“ජනවාරි 08 – අන්න මචං පට්ට දවස. ඒකාධිපතිත්වය පරදවලා නිදහස දිනපු දවස.” ගොඩක් අය එහෙම කිව්වා. දැන් ටිකක් ඒ සද්දේ අඩුවුණාට මොකෝ “මගේ ජීවිත කාලේදි දැකපු එකම විප්ලවය” කියලත් චින්තන ධර්මදාස සත්හඬ පත්තරේට ලියලා තිබුණා .

ජාතියේ හෘද සාක්ෂිය – විකුණන්න කරන මහන්සිය

ජ.වි.පෙ., හිතුවක්කාරයා රතුවෙන්න හේතුවුණු තැන. දුප්පත්කමට වෛර කරපු හදවතකට බුද්ධියේ උල්පත පාදපු තැන. කරුමය නොවෙයි හේතුව, සිස්ටම් එකේ අවුලයි හේතුව කියපු තැන. පෝසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නොවේ පිළිතුර, දුප්පත් – පෝසත් බේදය ඇතිකරපු ක්‍රමේ වෙනස් කරමුයි යෝජනා කරපු තැන. ඉතින් එහෙව් තැන එක්ක හිතුවක්කාරයාට ලොකු බැඳීමක් තියෙනවා.

සුනඛාවලෝකනය වෙනුවට සිංහාවලෝකනය

මොකක්ද මේ…? ඊට කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න. පාරේ ඉන්න බල්ලෙක් ළඟට ගලක් දාලා බලන්න. බල්ලා කරන්නේ ටක්ගාලා ගල අල්ලලා හපන එක. ඒත තමා සුනඛාවලෝකනය. නමුත් සිංහයෙක්ට ගලක් ගහලා බලන්න. සිංහයා කරන්නේ ගල ආපු තැන ගැන බලන එක. ඒක තමා සිංහාවලෝකනය.

හිතුවක්කාර ජීවිතය 04 – අක්කා ගැන මතක…

හිතුවක්කාර ජීවිතය 03 මෙතැනින්… මොකද මේ…? මේ කතාව චරිත ගැන කියන්න වියදම් කරන්නේ…? ඔව්… මේ හිතුවක්කාර ජීවිතය ගොඩනැගෙන්නේ තවත් බොහෝමයක් චරිතවල එකතුවෙන්. පුංචි මතකයන් ගොඩකින් හැදිච්ච මේ ජීවිතය ඉදිරි කාලයක් පුරාවට රතු පැහැයෙන් හැඩවෙන්න ඒ හැම මතකයක්ම හේතුවක් වුණා.

හිතුවක්කාර ජීවිතය 03 – අාච්චිලා තරහ වෙලා…

හිතුවක්කාර ජීවිතය 02 මෙතැනින්… පසුගිය සතිවල හිතුවක්කාරයා එක්ක යාළුවෙක් කිව්වා මෙහෙම, ‘‘මචං, මේ කතාවෙ කිසිම රතු ගතියක් නෑනේ. “ ඔව්, මං මුලින්ම කිව්වා වගේ හිතුවක්කාරයා රතු වෙන්නේ මීට අවුරුදු 6-7කට කලින්. (ඒ ගැන මෙතැනින්) ඉතිං මේ හිතුවක්කාරයා පුංචි අවධියේ එයාගේ සිතුවිලි, අත්දැකීම් සේරම මේ සමාජයේ සාමාන්‍ය ජන සංස්කෘතිය එක්ක බැඳිච්ච ඒවා. එහෙම සිතුවිලි ලෝකයක් වටා තමා…