සම්බන්දන්, සංගක්කාර සහ අපි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන්ට නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය. සම්බන්දන්ට විපක්ෂ නායකකම දිය යුතුයැයි රතු හිතුවක්කාරයා මීට දින කිහිපයකට පෙර යෝජනා කලේය. ඒ සටහනට මෙතැනින්. නව විපක්ෂ නායකවරයාට රතු හිතුවක්කාරයාගේ සුබ පැතුම්.

කුමාව නොදන්නා අරා

ඊයේ හිරු රූපවාහිනි නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකය. ජවිපෙ යනු මේ රටේ යුක්තිය සාධාරණය උදෙසා පෙනී සිටින්නට ගොඩනැගුව පක්ෂයය.

ලිවිං ටුගෙදර් වගේද කසාදේ?

දැන් මගුල අහවරය. “ලිවිං ටුගෙදර්” හිටපු දවස් සීය හමාරවුණු නිසා අගෝස්තු 17 දා අලි මනාලයාට “ලංකා” මනාලියගේ දෙමාපිය, නෑ සිය මිතුරු කැමැත්ත හෙවත් ඡන්දය ලැබුණේය.

ජනවාරි 08 – සමාජවාදයට අත වනයි

“ජනවාරි 08 – අන්න මචං පට්ට දවස. ඒකාධිපතිත්වය පරදවලා නිදහස දිනපු දවස.” ගොඩක් අය එහෙම කිව්වා. දැන් ටිකක් ඒ සද්දේ අඩුවුණාට මොකෝ “මගේ ජීවිත කාලේදි දැකපු එකම විප්ලවය” කියලත් චින්තන ධර්මදාස සත්හඬ පත්තරේට ලියලා තිබුණා .

ජාතියේ හෘද සාක්ෂිය – විකුණන්න කරන මහන්සිය

ජ.වි.පෙ., හිතුවක්කාරයා රතුවෙන්න හේතුවුණු තැන. දුප්පත්කමට වෛර කරපු හදවතකට බුද්ධියේ උල්පත පාදපු තැන. කරුමය නොවෙයි හේතුව, සිස්ටම් එකේ අවුලයි හේතුව කියපු තැන. පෝසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නොවේ පිළිතුර, දුප්පත් – පෝසත් බේදය ඇතිකරපු ක්‍රමේ වෙනස් කරමුයි යෝජනා කරපු තැන. ඉතින් එහෙව් තැන එක්ක හිතුවක්කාරයාට ලොකු බැඳීමක් තියෙනවා.

සුනඛාවලෝකනය වෙනුවට සිංහාවලෝකනය

මොකක්ද මේ…? ඊට කලින් පුංචි කතාවක් තියෙනවා කියන්න. පාරේ ඉන්න බල්ලෙක් ළඟට ගලක් දාලා බලන්න. බල්ලා කරන්නේ ටක්ගාලා ගල අල්ලලා හපන එක. ඒත තමා සුනඛාවලෝකනය. නමුත් සිංහයෙක්ට ගලක් ගහලා බලන්න. සිංහයා කරන්නේ ගල ආපු තැන ගැන බලන එක. ඒක තමා සිංහාවලෝකනය.

යුද්ධයෙන් වසර 06කට පසුත්…

     ඉහත තියෙන්නේ ෂ්‍යාමෙන් වෝල්කර්  https://www.facebook.com/ sswalker86  චිත්‍ර ශිල්පිනියගේ මූණු පොතෙන් උපුටා ගනිපු චිත්‍රයක්. හිතුවක්කාරයා මූණුපොතේ සරද්දි මේ චිත්‍රය දැකලා කවියක් කමන්ට් කලා.

පුවත් වාර්තාකරණය හා මාධ්‍ය සදාචාරය

මේ පෙනෙන්නේ 2015 අප්‍රේල් 30 මව්බිම දිනපතා පුවත්පතේ මුල්පිටුවේ ඡායාරූපය. නම්කරලා තියෙන්නේ හාමුදුරුවනේ කියලා. ඒ ආමන්ත්‍රණය සහිතව ඔබ මේ ඡායාරූපය දකිද්දි මොනවද හිතෙන්නේ. අනේ හාමුදුරුවනේ කියලා නේද? ඔව්! ඒ අපේක්ෂාව සහිතව තමා මේ නම්කිරීම ඔවුන් (පුවත්පත) කරන්නේ. ඡායාරූපයේ සිටින ස්වාමීන් වහන්සේට ජල ප්‍රහාරය එල්ලවීමේදී ලිහිල්වන සිවුර උන්වහන්සේ සකසාගැනීමේදී ගත් ඡායාරූපයක් මේ. නමුත් එය හාමුදුරුවනේ යනුවෙන්…

හිතුවක්කාර ගීත කලාව (විරෝධාකල්ප ගීත)

හිතුවක්කාරයා ගොඩාක් යාළුවෝ එක්ක වල බහින්න කැමතියි. එහෙම වුණේ මං හැදිච්ච පරිසරේ නිසා වෙන්න ඇති. ගාලු අහස යට හැදිච්ච මං ඒ අහස පුරාවට එහේ මෙහේ ඇවිද්දා. තේරුමක් ඇතුව වගේම නැතුවත්. ඒ ඇවිදින හැම තැනකදිම යාළුවො සෙට්වෙනවා, උන් එක්ක ඔහේ ඇවිදිනවා.