උඹ වෙනුවෙන් වෙනස් කරන්නට ලෝකයක් මට ඇත

හිතුවක්කාර ජීවිතය 04 මෙතැනින් පහුගිය ඉරිදා දවස මං ගෙවුවේ නිට්ටඹුවේ “නව දිශාන්තය” නේවාසික කඳවුරේ. නව දිශාන්තය කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ආයතනයක්. මෙතනට මං ගියේ මගේ පොඩි අයියා බලන්න. ඔව් ! මගේ අයියා කුඩුකාරයෙක්…! Advertisements

හිතුවක්කාර ජීවිතය 04 – අක්කා ගැන මතක…

හිතුවක්කාර ජීවිතය 03 මෙතැනින්… මොකද මේ…? මේ කතාව චරිත ගැන කියන්න වියදම් කරන්නේ…? ඔව්… මේ හිතුවක්කාර ජීවිතය ගොඩනැගෙන්නේ තවත් බොහෝමයක් චරිතවල එකතුවෙන්. පුංචි මතකයන් ගොඩකින් හැදිච්ච මේ ජීවිතය ඉදිරි කාලයක් පුරාවට රතු පැහැයෙන් හැඩවෙන්න ඒ හැම මතකයක්ම හේතුවක් වුණා.

හිතුවක්කාර ජීවිතය 03 – අාච්චිලා තරහ වෙලා…

හිතුවක්කාර ජීවිතය 02 මෙතැනින්… පසුගිය සතිවල හිතුවක්කාරයා එක්ක යාළුවෙක් කිව්වා මෙහෙම, ‘‘මචං, මේ කතාවෙ කිසිම රතු ගතියක් නෑනේ. “ ඔව්, මං මුලින්ම කිව්වා වගේ හිතුවක්කාරයා රතු වෙන්නේ මීට අවුරුදු 6-7කට කලින්. (ඒ ගැන මෙතැනින්) ඉතිං මේ හිතුවක්කාරයා පුංචි අවධියේ එයාගේ සිතුවිලි, අත්දැකීම් සේරම මේ සමාජයේ සාමාන්‍ය ජන සංස්කෘතිය එක්ක බැඳිච්ච ඒවා. එහෙම සිතුවිලි ලෝකයක් වටා තමා…

හිතුවක්කාර ජීවිතය 02 – අම්මා ගැන මතකය…

හිතුවක්කාර ජීවිතය 01 මෙතැනින්… Painting by Sagarika Sen අතීත මතක ගුහාවක දසත සරනා අතරේ හැම අඳුරු මුල්ලකම සහන් එළියක්ව පෙනෙන්නේ ඔබේ රුව… හැම මතක දිය සීරාවක්ම අතරේ දියවී ගලන්නේ ඔබේ හඬ… පොළා පනින පද පේලි වළාවකම පාවි පාවී ඇදෙන්නේ ඔබේ රුව… නෙලා කඳුලු මල් සෝලි සලා වැටෙන පද දෝලි රිදුම්කවන්නේ ඔබේ මතකය… අම්මේ… මේ හිතුවක්කාර…

හිතුවක්කාර ජීවිතය 01 – අම්මාගේ ආදරය එක්ක…

     තවත් අම්මාවරුන්ගේ දිනයක් ඉකුත්ව ගොස් තිබේ. බොහෝ අය මූණුපොතේ අම්මා ගැන තමන්ගේ හැඟීම සටහන් කර තිබේ. අම්මා ගැන කතාකිරීම මැයි 10වනදාට විශේෂයක් කරගැනීම පිළිබද වරදකාරී හැඟීමක් දැනුණද හිතුවක්කාර ජීවිතය අම්මාගෙන්ම අරඹමි. ඒ ලෝකය තැනෙන්නේ හිරුගේ එළියෙන් හා මවගේ කිරෙන්ම බව ගෝර්කිට පමණක් නොව හිතුවක්කාර ජීවිතයකට වුව අදාල බැවිනි.