සිරියාවද සිරිලංකාවද තවත් නම් වෙනසක් නැතී?

Syria

සිරියානු දරුවෙකු වෙරලේ මියගොස් තියෙන එක පහුගිය දින කිහිපයේ මූණුපොත පුරාවට බොහෝ කතාබහට ලක්වුණා. බොහෝ අනුකම්පා සහගත වදන්, කවි ඒ වෙනුවෙන් ලියවුණා.

ඔව්, දරුවෙක් මියයාම ඉතා සංවේදී කාරණයක්. එ්ත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සිරියාවද නැත්නම් වෙනත් තැනක්ද කියලා ගත්තොත් වෙන්නෙ අඳුරෙ අතපත ගාන එක විතරයි. සිරියාවෙ දරුවා ගැන කම්පා වෙන අපි උතුරෙ ලමයි යුද්ධෙන් මියයද්දි අවිඥාණිකව වුණත් සතුටු වුණ එක නේද වුණේ. සාපේක්ෂව දකුණෙ බෝම්බ පිපිරෙද්දි උතුරෙ සමහර අයත් එහෙම වෙන්න ඇති. ඒවා ජාතිකවාදය ගැන ප්‍රශ්න.

මේ ප්‍රශ්නෙට ආයෙත් ආවොත් සිරියාවෙ හෝ ලංකාවෙ හෝ කොතැනක හෝ ළමුන් මියයන එක, දූෂණය වෙන එක, ආර්ථික ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙන එක හැමදාමත් වෙනවා. ඔව්, ඒක සාධාරණ නැහැ. අපි හැමදාම ඔවුන් ගැන අනුකම්පා කරනවා, දුක්වෙනවා, එතනින් එහාට උදව් කරනවා. දුක් වුණාම, ඔවුන්ට උදව් කරාම මේවා අඩුවෙයිද? නෑ. හැමදාම මේ ප්‍රශ්නෙ එහෙමමයි.

ULKELERINDEKI IC SAVASIN YOL ACTIGI GUVENSIZLIK VE BAS GOSTEREN ACLIK NEDENIYLE GOC EDIP IRAK'IN DUHOK'TA KURULAN MULTECI KAMPINA YERLESTIRILEN SURIYELILERIN YASADIGI CARESIZLIK HER GECEN GUN BIRAZ DAHA DERINLESIYOR. CARESIZLIGIN EN BUYUK ACISINI ISE OLUP BITENLERE ANLAM VEREMEYEN SAVASTAN HABERSIZ, BESLENME VE SICAK BIR YUVADAN MAHRUM KALAN COCUKLAR CEKIYOR. (ANADOLU AJANSI - EMRAH YORULMAZ) (20130123)

මතක තියාගන්න. හැම දවසකම ලෝකෙ 25000ක් බඩගින්න නිසා මැරෙනවා, එහෙම වෙන්නෙ ආහාර අතිරික්ත මුහුදට දාන ලෝකයක. සිරියානු දරුවා වාගේම රටක් අහිමි බොහෝදෙනෙක් මියයනවා, එහෙම වෙන්නෙ අභ්‍යවකාශෙ පවා ජීවත් වෙන්න තාක්ෂණය හොයාගත්තු ලෝකෙක. සරල ලෙඩරෝගවලට බෙහෙත් නැතුව බොහෝදෙනක් මියයනවා. එහෙම වෙන්නෙ න්‍යෂ්ටික ශක්තිය, නැනෝ තාක්ෂණය පවා හොයාගත්තු ලෝකෙක.

එහෙනම් ප්‍රශ්නෙ කොතැනද? මිනිස්කම වෙනුවට ලාබෙ හොයන සිස්ටම් එක. එහෙනම් අපි මේක වෙනස් කරන්න ඕන. ඔන්න, ඕක කිව්ව ගමන් උඹලා කියනවා “ඕවා හීන තමයි, අපි ඔය ගැන කතා නොකර ඉමු” කියලා.

ඉතිං අපි එහෙම ලස්සන හීන හැබෑකරගන්න ඕනෙ නැද්ද? මේ මිනිස්කම වෙනුවට ලාබ හොයන සිස්ටම් වෙනස් කරන්න ඕනෙ නැද්ද? නැත්නම් හැමදාමත් ළමයි ගැන, සරණාගතයො ගැන, දුප්පත්තු ගැන, ලෙඩ්ඩු ගැන දුක්වෙවී ඉමුද?

Advertisements

One thought on “සිරියාවද සිරිලංකාවද තවත් නම් වෙනසක් නැතී?”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )