ලිවිං ටුගෙදර් වගේද කසාදේ?

203398340-06134118දැන් මගුල අහවරය.

“ලිවිං ටුගෙදර්” හිටපු දවස් සීය හමාරවුණු නිසා අගෝස්තු 17 දා අලි මනාලයාට “ලංකා” මනාලියගේ දෙමාපිය, නෑ සිය මිතුරු කැමැත්ත හෙවත් ඡන්දය ලැබුණේය.

මනාලිය බලන්නට ආ අලි මනාලයා ලිවිං ටුගෙදර් හිටි දොහේ හිටන්ම කිව්වේ බුලත් කොල මනාලයා සමග වුව එකගෙයි කමින් ආරෝ නැතුව ඉන්නට කැමතියි කියාය. බුලත් කොල අතින් ගත් “මෛත්‍රි”යෙන් පිරි මනාලයා ද ඒ කැමැත්තට එක පයිං හිටං මනාප වී තිබුණත් මනාලයාගේ මල්ලි මිහිඳු බරපතලෙට විරුද්ධ වී තිබුණේය. මිහිඳුට “ලංකා”ව ආයෙත් දෙන්නේ නැතය කියා පොදු අපේක්ෂක මනාලයාට කැමැති වී උන්නු නෑදෑ සනුහරේ මිහිඳුගේ නොපනත්කම්වලට තවත් ඉඩ නොදෙන්නට සිතා දෝ බුලත් කොල මනාලයාට වඩා අලි මනාලයාට කැමැති වී තිබුණේය. කොහොම වුණත් අලි මනාලයා නෑදෑ සනුහරේ කැමැත්ත ලැබුණුදාම බුලත් කොල මනාලයාට ආරාධනා කලේ එක පතේ කෑමටය. දැන් එකගෙයි කන්න හිටං දෙන්නාම සැරසෙනවා පෙනෙන්නේය. පවුල් කන්නේ කොහොමදැයි කියා හිතනවාට වඩා දැන් පොරකන්නේ, දේපොල බෙදාගන්නේ කොහොමද කියාය.  පෙට්ටගම බාරදෙන්නට යන්නේ “ඉර” පුතාට කියා දැනගන්නට තියෙනවාය. ලිවිං ටුගෙදර් හිටි දවස් සීයේ වගේ පෙට්ටගම කොල්ලකන්නට මේ සැරේ “ඉර” පුතා ඉඩ නොදෙයි කියා නෑදෑ සනුහරේ හිතා ඉන්නවාය. ඒ ගැන හොයා බලනා එක මනාලයෝ දෙන්නාටම බාරය.

කියන්නට හිටි කතාව ඒක නොවේය. මේ ගොල්ලා එක පතේ කන අතරේ අල්ලපු ගෙදර අයිතිය දෙන්නේ කාටද කියාය. මිහිඳු මලයාගේ ලොකුපුතා වෙච්චි විමල් කොලුවා උගේ දඩබ්බර සැට් එකක් අරගෙන අල්ලපු ගෙදර අල්ලාගන්නට වලිකන එකනම් කුජීතය. මිහිඳු මලයාගේ රෙද්ද අස්සේ හැංගි හැංගී කෙලිය (සෙල්ලං උපවාස කෙලි, පංචායුද කෙලි ආදිය විතරය) මේ හුජ්ජ කොල්ලාට එච්චර වැදගත්කමක් දෙන එකට නෑදෑ සනුහරේ මනාප වන්නට ඉඩ නැත්තේය. දැන් හොයන්නට ඕනා මේ වැඩේට සුදුසුකං තියෙන්නේ කාටද කියාය. අනුර කොලුවා සුදුසුයැයි කියන්නට සමහරු දත කන්නේය. අලි මනාලයත් එක්ක හොරෙන් බට්ටො පැනපු අනුර කොලුවා කෑ ගසන්නේද වාසියට බව විජේදාස මාමාගේ ලස්ස විසිපහ ගැන කතාවේදී කිතුල් ඇට ගිල්ල උගුඩුවා සේ ඉඳීමෙන් ඔප්පු වූ නිසා ඒකා ගැන අදහසත් පැත්තකට දමන්නට පුලුවන්ය.

ඉතුරු වී ඉන්නේ සම්බන්දන් මාමලා විතරය. දෙමලා කියා කාලයක් පවුලෙන් පැත්තකට කර තිබූ උන්නැහේලාට තැනක් දෙන්නට මේ හොඳ වතාවය. මේ කරන්නට හදන්නේ අමාරුවෙන් එක්කහු කරගත්තු පවුල කඩන්නට උප්පරවැට්ටි දමන එකය කියා හතර පෝයට සිල්ගන්නා දේසප්රේමී බාප්පලා රෙදි උස්සාගෙන හත්පොලේ නටන්නට පටන් ගත්තට එහෙම පවුල කඩන්නට බැරිය. උන්නැහේලාට අල්ලපු ගෙදර ගෘහමූලිකකම දුන්නා කියා ලැබෙන මහලොකු කෙංගෙඩියක් ද නැත. ඒත් මේ වෙලාවේ ඒකට සුදුස්සා වෙන උන්නැහේලාට ඔය සෙරමෝනියල් මගුල දුන්නොත් අහවල් වෙලාවේ දෙමලා නිසා මට ඕක දුන්නේ නැතැයි කියා පස්සෙ කාලෙක දොස් තබන්නට ඉඩක් නැත. කොරෝදෙන් වයිරයෙන් දෙපැත්තට වී ගහ මරාගත්තු කාලය දැන් ඉවර නිසා නරක් වෙච්චි හිත් හදාගන්නට මේ වෙලාවය. අහිකුණ්ඨකයෝ වගේ ඉඩමක් කඩමක් නැතුව නන්නත්තාරේ නොගිහින් ඔය වත්තෙන් ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලකට ඉන්න දෙන එක මනුස්සයා හැටියට අපේ චාරිත්තරේ කරගත යුතුය. එහෙම කලේ නැත්තං අපේ කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන්නට ඉඩ තියෙනවාය.

කියන්නට ඕනෑ වුණු මගුල කියලා හමාර වුණත් මේ දේත් කියා හමාර කරන්නට ඕනෑය. ඒ කවුරු කොහොම එක පතේ කෑවත් ආණ්ඩුව විපක්ෂයට පෙරලාගෙන පහර දෙද්දී ජනමාද්දිය මර නින්දේ හිටියත් “ජනතාව?” අවදියෙන් බව සිහි කල්පනාවේ තියා ගන්නට කියාය. (මේ ජනතාව කියා කියන්නේ ජෝන් සීනා සිංදුව කිව්ව අමිල කියන “සාමාන්‍ය ජනතාව” නොවේය කියා කියන්නටත් ඕනෑය)

Advertisements

2 Comments Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )