උඹ වෙනුවෙන් වෙනස් කරන්නට ලෝකයක් මට ඇත

drug-addiction-in-india

හිතුවක්කාර ජීවිතය 04 මෙතැනින්

පහුගිය ඉරිදා දවස මං ගෙවුවේ නිට්ටඹුවේ “නව දිශාන්තය” නේවාසික කඳවුරේ. නව දිශාන්තය කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන ආයතනයක්. මෙතනට මං ගියේ මගේ පොඩි අයියා බලන්න. ඔව් ! මගේ අයියා කුඩුකාරයෙක්…!

බීල ඉන්න වෙලාවක මට කතාකරලා “කුඩුකාරයෙක්ට අයියා කියන්න ලැජ්ජ නම් උඹේ සහෝදර ලිස්ට් එකෙන් මාව අයින් කරපං.” කියලා බැන්නේ මේ අයියාම තමයි. ඒත්… අක්කා ගැන මතක ලියද්දි මං කිව්වා ඈ ගිනිගද්දි අයියත් මමත් අමාරුවෙන් වතුර කලේ උස්සාගෙන ගිහින් අක්කාගේ ඇගට දැම්මා කියලා. ඔව්! ඒ වතුර කලේ උස්සන් ගිහින් දැම්මේ මේ අයියාම තමයි. අතේ සතේ නැතුව ඉන්න කාලෙක අයියා කතාකරලා මහමෙරක් තරම් වුණු රු. 500ක් අතේ තිබ්බා. ඔව්! එහෙම දුන්නේ මේ අයියාම තමයි. අයියා ආස කරපු නිල් ඉරි ෂර්ට් එක මං ආසාවෙන් ඉල්ලද්දි “කමක් නෑ. අරගනිං.” කිව්වා. ඔව්! එහෙම දුන්නෙත් මේ අයියාම තමයි.

අයියේ…! “මගේ ” අයියා කුඩුකාරයෙක් වෙච්ච එකට මට ලැජ්ජ නෑ. ඒත් “අපේ ” අයියලා කුඩුකාරයෝ වෙන එක ගැන මට ලැජ්ජයි. “මගේ ” තාත්තා දුප්පතෙක් වෙච්ච එකට මට ලැජ්ජ නෑ. ඒත් “අපේ ” තාත්තලා දුප්පත්තු වෙන එක ගැන මට ලැජ්ජයි.  “මගේ ” ගෙදර මුඩුක්කුවේ වුණ එකට මට ලැජ්ජ නෑ. ඒත්
“අපේ ” ගෙවල් මුඩුක්කුවේ වෙන එක ගැන මට ලැජ්ජයි. “මගේ ” අම්මා ගණිකාවක් නොවෙච්ච එක ගැන මට සතුටුයි. ඒත් “අපේ ” අම්මලා ගණිකාවෝ වෙන එක ගැන මට ලැජ්ජයි. “මගේ ” තාත්තා ස්ත්‍රී දූෂකයෙක් නොවෙච්ච එක ගැන මට සතුටුයි. ඒත් “අපේ ” තාත්තලා ස්ත්‍රී දූෂකයෝ වෙන එක ගැන මට ලැජ්ජයි.

තව මාස එකහමාරකින් උඹ ඔය ගේට්ටුවෙන් එළියට ආවත් ආපහු පය තියන්න වෙන්නෙ උඹට කුඩු ගහන්න පුරුදු කරපු ලෝකෙටම නේද කියලා හිතද්දි මට ගොඩාක් ලැජ්ජයි. මේ ලෝකේ තාම වෙනස් කරගන්න බැරිවෙච්ච එක ගැන ලැජ්ජයි. කොටින්ම හෙට උපදින එවුන්ගෙ කටින් “අපේ කලින් පරම්පරාවල එවුන් අපට ඉතිරිකලේ මේ වගේ රටක්” කියලා පිටවෙද්දි මට අපි හැමෝම ගැන ලැජ්ජයි.

මට හිතෙනවා උඹට ඔය ගේට්ටුවෙන් ඇතුළටම වෙලා ඉඳපං කියන්න. මොකද ලංකාවට කුඩු ගෙනල්ලා උඹලගේ ජීවිතේ විනාශ කරපු එවුනුත් අපි හැමෝගෙම ඡන්දෙන් අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට  ගියපු නිසා. එක්කෝ ඇවිත් මටත් කුඩු ගහන්න පුරුදු කරපන්. මේවා දිහා බලන් කල්පනා කරනවට වඩා පැකට් එක දාලා බිත්ති මුල්ලක ගුලිවෙලා නිදාගන්නකොට මේ වේදනාව අමතක වෙන නිසා.

ඒත් අයියේ…! උඹ සික් හැදිලා වෙව්ල වෙව්ල ඉඳිද්දි මං හීන දකිනවා. උඹට, මට, අපි හැමෝටම ලැජ්ජ නැතුව ඉන්න පුළුවන් ලෝකයක් හදන එක ගැන. උඹලාට කුඩු ගහන්න උගන්නපු සමාජ ක්‍රමේ වෙනස් කරන එක ගැන. “කුඩු, බඩු, නඩු” වෙනුවට ආදරය, මිනිස්කම ඉතිරිලා යන ලෝකයක් ගැන. එක එකා මරාගන්නවා වෙනුවට මිනිස්සුන්ට ආදරය කරන ලෝකයක් ගැන.

මොකද මට උඹ වෙනුවෙන් වෙනස් කරන්න ලෝකයක්  තියෙනවා.

ඔව්…! ඡන්ද මගඩි අස්සෙ දිනලා ඉන්න එවුනුත් පැරදිලා ඉන්න එවුනුත්, උන්ට අනුව “කෙළවෙලා” ඉන්න අපිට “හීනම තමයි” වගේ කිංඩි දාද්දිත් මං ඒ හීන දකිනවා. එහෙම ලෝකයක් හදන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා. අවදිවුණාම ඒ හීනෙ හැබෑකරගන්න දැනට අපි “ටික” දෙනෙක් ට්‍රයි කරනවා. වරදිනවා, එ්ත් ආයෙත් වෙන විදියකට ට්‍රයි කරනවා. හෙට “අපි ටික” වෙනුවට “අපි ගොඩක්” වෙන දවසට මේක හරියනවා.

අයියේ…! එතකං ඉවසලා ඉඳපන්, අපේ හීන අපි කවදාහරි හැබෑ කරගන්නවා.

Advertisements

One Comment Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )