ජාතියේ හෘද සාක්ෂිය – විකුණන්න කරන මහන්සිය

11698893_480821928738926_6951230518100621917_oජ.වි.පෙ.,
හිතුවක්කාරයා රතුවෙන්න හේතුවුණු තැන. දුප්පත්කමට වෛර කරපු හදවතකට බුද්ධියේ උල්පත පාදපු තැන. කරුමය නොවෙයි හේතුව, සිස්ටම් එකේ අවුලයි හේතුව කියපු තැන. පෝසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නොවේ පිළිතුර, දුප්පත් – පෝසත් බේදය ඇතිකරපු ක්‍රමේ වෙනස් කරමුයි යෝජනා කරපු තැන. ඉතින් එහෙව් තැන එක්ක හිතුවක්කාරයාට ලොකු බැඳීමක් තියෙනවා.

ඒත් දැන් අපායට ඉන්ටර්වල්. ඉස්කෝලේ කාලේ ඉන්ටර්වල් එකට සමුපකාර කඩේ වටේ රොක්වුණා වගේ කට්ටිය කැරට් කඩ වටේ සෙට්වෙලා ඉන්න කාලේ. මෙන්න බොලේ ඒ අස්සේ අලුත් කඩයකුත් දාලා, රතුයි කළුයි බෝඩ් එකකුත් එක්කම “දේශයේ හෘද සාක්ෂිය” ලස්සන නමක් බෝඩ් එකේ. කඩේට ඇඩ්වර්ටයිසිං කරපු කොම්පැණිය වැඩේ ලස්සනට කරලා, අරාජික පාටක් කියපු කළු පාට පොසිටිව් තින්කිං බ්‍රෂ් එකෙන් ගාලා. අපි වගේ වැඩවසම් ආසියාතික රටවලට මාර මාකට් “ජාතිය”, “දේශය”. මේ යුගයේදි කම්කරු/ පීඩිත පංතියක් නැතය/ අහෝසිය කියලා බෙරිහන් දෙන “නව ලිබරල් ඇකඩමික්” පොරවලට දැන් පට්ට ආතල්. අහෝසි වෙලා “පංතිය”, ආව නිසා “දේශය”.

මේ වෙලාවේ ඇයි ජ.වි.පෙ. “පංතිය” වෙනුවට “දේශය” මතුකරන්න උත්සාහ ගන්නේ. චම්පිකලත් අලියාගෙන් ඉල්ලන වෙලාවේ ජාත්‍යාලයේ කොඩිය උස්සගෙන අයිතිය තහවුරු කරගත්තම ගොඩ නේද? බුද්ධියට කතාකරනවා වෙනුවට දැන් ලේසියි නේද හදවතට කතාකරන එක. ඔව්. වැඩේ ටිකක් ගොඩයයි වගේ. මොකද ජීප්සිස් සුනිල්ලා, අනෝජලා, දිල්හානි අශෝකමාලාලා විතරක් නොවෙයි අපේ නිර්මාල් දේවසිරි ආචාර්යතුමත් ඔය කියන්නේ “ජ.වි.පෙ. අඩුගාණේ ප්‍රධාන විපක්ෂයවත් කරන්න ඕන” කියලා. සමුළුව සජීවීව විකාශය කරලා “ස්වාධීන” රූපවාහිනියයි, ලක්හඬයි දෙන සප් එකෙනුත් තව ගොඩයන්න පුළුවන් වෙයි.

10298615_483136331840819_8906821909713041409_o

දැන් මූණුපොතෙත්, වෙනත් සමාජ ජාලවලත් ජ.වි.පෙ. හිතවාදීන් දෙන්නෙම බොර්ෂුවා ආතල්. “අප පිණිසා එන මිනිසා” කියලා මූණත් තහඩු මාකට් කරන මේ නාමික සමාජවාදියෝ,

11742709_1640427846227028_8993870006306241049_n

“රජුන් තැනූ පරපුරේ වැව් බැඳි රටේ අභිමානය” වගේ ඒවා දාන්නෙත් අර පිටුදකින්න කතාකරපු වැඩවසම් ආසියාතික මනෝභාවයෙන් තමා. මේවලට යම් සාධනීය උත්තරත් මේ අස්සේම හමුවෙනවා. (දකුණට සිග්නල් දාලා වමට අතවනන ජ.වි.පෙ. වගේ පෝස්ට්) ඔව්. ජ.වි.පෙ. දකුණට හැරෙමින් සීඝ්‍රයෙන් ගමන් කරන මොහොතක් මේ. සිස්ටම් එක වෙනස් කරන්න කතාකරපු ජ.වි.පෙ. පුද්ගලයන් මාරුකරන්න යෝජනා කරන මොහොතක්. රජය වෙනස් කරන්න යෝජනා කරපු ජ.වි.පෙ. ආණ්ඩු මාරුකරන්න දඟලන මොහොතක් මේ. ක්‍රමයේ වෙනසක් ගැන කතාකරපු ජ.වි.පෙ. පවත්නා ක්‍රමයම කරගෙන යන්න “හොඳ” පුද්ගලයන් යෝජනා කරන මොහොතක්. වාමාංශය හැරපියා දක්ෂිණාංශික උත්ප්‍රාසයක් දක්වන මොහොතක්.

11403096_981437851908837_7475235493510160607_n

කතාව දිග වැඩිනම් ටිකක් සමාවෙන්න. නොකියාම බැරි දෙයක් කියලාම ඉවර කරන්නං එහෙනං. බොර්ෂුවා ආතල් දුන්නට, ඇකඩමික් පොරවලගේ ජාත්‍යාල කොණ චූන් කලාට, කොටින්ම දකුණට සිග්නල් දාලා දකුණටම හරවන් දිගටම ගියත් කමක් නෑ මහත්වරුනි; “දේශයේ හෘද සාක්ෂිය” විකුණගන්න “පංතියේ හෘද සාක්ෂිය” උගස් කරන වැඩේ නවත්තන්න. මේ අපි වෙනුවෙන් නෙවේ, හෙට දවසේ ලෝකය වෙනස් කරන්න ඉන්න උන් වෙනුවෙන්. !!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )