ජනවාරි 08 – සමාජවාදයට අත වනයි

“ජනවාරි 08 – අන්න මචං පට්ට දවස. ඒකාධිපතිත්වය පරදවලා නිදහස දිනපු දවස.” ගොඩක් අය එහෙම කිව්වා. දැන් ටිකක් ඒ සද්දේ අඩුවුණාට මොකෝ “මගේ ජීවිත කාලේදි දැකපු එකම විප්ලවය” කියලත් චින්තන ධර්මදාස සත්හඬ පත්තරේට ලියලා තිබුණා .

ජාතියේ හෘද සාක්ෂිය – විකුණන්න කරන මහන්සිය

ජ.වි.පෙ., හිතුවක්කාරයා රතුවෙන්න හේතුවුණු තැන. දුප්පත්කමට වෛර කරපු හදවතකට බුද්ධියේ උල්පත පාදපු තැන. කරුමය නොවෙයි හේතුව, සිස්ටම් එකේ අවුලයි හේතුව කියපු තැන. පෝසතුන්ට ඊර්ෂ්‍යා කිරීම නොවේ පිළිතුර, දුප්පත් – පෝසත් බේදය ඇතිකරපු ක්‍රමේ වෙනස් කරමුයි යෝජනා කරපු තැන. ඉතින් එහෙව් තැන එක්ක හිතුවක්කාරයාට ලොකු බැඳීමක් තියෙනවා.