හිතුවක්කාර ජීවිතය 03 මෙතැනින්…
මොකද මේ…?
මේ කතාව චරිත ගැන කියන්න වියදම් කරන්නේ…?
ඔව්… මේ හිතුවක්කාර ජීවිතය ගොඩනැගෙන්නේ තවත් බොහෝමයක් චරිතවල එකතුවෙන්. පුංචි මතකයන් ගොඩකින් හැදිච්ච මේ ජීවිතය ඉදිරි කාලයක් පුරාවට රතු පැහැයෙන් හැඩවෙන්න ඒ හැම මතකයක්ම හේතුවක් වුණා.
ඒ මතක ගොහොරුවේ තවත් සුපිපෙන්න බැරිවුණු නෙළුමක්…
මගේ ලොකු අක්කා…
ගාල්ල දිස්ත්‍රික්කයේ මීපාවල ගමේ බර්ලින් තාප්පයකින් වෙන්වුණු අපේ ලෝකය ඇතුලේ පවුලේ හැමෝගෙම ආදරය දිනාගත්තු කෙනා අපේ ලොකු අක්කා. මගේ අතීත මතක සැමරුමේ එක් දිනයක සටහන් පමණක් ඇයට හිමිවුණත් ඒක මගේ අභ්‍යන්තරේ හැගීම් ගිලගන්න කළු කුහරයක් වෙලා.
ඈ එතකොට සාමාන්‍ය පෙළ ලියන්න සූදානම් වෙමින් හිටියේ. අපේ ලොකු අයියා, අම්මා කොහේදෝ නෑදෑ ගෙදරක ගිහින්. ගෙදර හිටියේ මමත්, චූටි අයියාත්, ලොකු අක්කාත් විතරයි. මොරගසං වරුසාව වෙලාවෙ මං හිටියෙ පැදුරක ගුලිවෙලා. අක්කා පාඩම් කරමින් හිටියා. මං අවදි වුණේ ඇගෙ කෑ ගහන සද්දෙට. අවදිවෙලා බැලුවම ගිනිගන්නා ඇදිවත පිටින් ඇය දගළමින් හිටියා. පාඩම් කරපු පොත මේසෙ උඩින් තියලා තව පොතක් අතට ගනිද්දි භූමිතෙල් කුප්පි ලාම්පුව ඇගේ ඇගට වැටිලා. පුටුවේ වාඩිවෙලා හිටි ඇයට එක්වරම නැගිටින්න බැරිවුණා. අවුරුදු 09ක් විතර වෙන මගේ අයියට තනියම උස්සගන්න බැරිවුණු ඇළුමිනියම් වතුර කලය උස්සලා ඇගේ ඇගට හළන්න උදව් වුණා කියලා විතරයි තවමත් මට මතක. මාස ගණනක් තිස්සේ රෝහලේ දුක්විදපු ඈ අපෙන් සමුගත්ත හැටි මගේ මතකයේ නැහැ.
ඇස්, ඉස්, මස්, ලේවලින්
හැදුණු ජීවිත මලකින්
මතකයක් තියමි හිත අද්දරින්
අක්කේ, මං නුඹේ සෙනෙහසින්
ඉතා කණගාටුදායක මරණයක්….!!!
LikeLike
ගොඩාක්. බ්ලොග් එක ලියන්න ඕනවුණෙත් ජීවිතේ දුක් තැන්ටික බෙදාගන්න.
LikeLike