හිතුවක්කාර ජීවිතය 02 – අම්මා ගැන මතකය…


හිතුවක්කාර ජීවිතය 01 මෙතැනින්…

2565149_originalPainting by Sagarika Sen

අතීත මතක ගුහාවක දසත සරනා අතරේ
හැම අඳුරු මුල්ලකම සහන් එළියක්ව පෙනෙන්නේ ඔබේ රුව…

හැම මතක දිය සීරාවක්ම අතරේ
දියවී ගලන්නේ ඔබේ හඬ…

පොළා පනින පද පේලි
වළාවකම පාවි පාවී
ඇදෙන්නේ ඔබේ රුව…

නෙලා කඳුලු මල් සෝලි
සලා වැටෙන පද දෝලි
රිදුම්කවන්නේ ඔබේ මතකය…

අම්මේ…
මේ හිතුවක්කාර ජීවිතයක් පුරාවට ඔබ ගැන මතකයය…

ඇස් ඉස්මත්තක් පුරාවට…
නංවා කඳුලු ලතාවට…
නමුදු රන්දා සිනා මුව අග…
පාට කළ ජීවිතය…
අම්මේ…
මේ මතක මල්මිට ඔබට…

බිලියන හයක ජනගහනයකට තවත් එක් ජීවිතයක්… පාට පාට ලෝකයකට කොහොමට තියේවිද අළු පාටක්…  ලෝකය හිතාගන්න බැරිතරම් තැනක්, අලුත උපන් බිළි‍‍ඳෙකුට. 
අපි නොහිතනා තරම් වේගෙන් ලොකු වුණාම පුංචි කාලේ ගැන අපිට මතක තියෙන්නේ ටිකක් අඩුවෙන්. ඒත් ඒ මතකය පිරිලා තියෙන්නේ අපේ පුංචි කාලේ විශේෂිත තැන්වලින්. අම්මා ගැන හිතුවක්කාරයගේ මතකයත් එහෙමයි. අම්මා හිතුවක්කාරයව නළවපු හැටි, කවපු කිරිදුන්නු හැටි මේ මොනවත් හිතුවක්කාරයට මතක නෑ. ඒත් අම්මගේ ආදරේ ගැන පුංචි කාලේ මතකය පිරිලා තියෙන්නේ ගල් බනිස් ගෙඩියකින්. මොකද්ද මේ කතාව. ගල්බනිස් ගෙඩියක් කොහොමද අම්ම කෙනෙකුගේ ආදරේ එක්ක පෑහෙන්නේ. දණ ගාණ කාලේ මතකය නැති නිසා ඇවිදින කාලේ මතකයෙන් තමා මේක එන්නේ.

අවුරුදු 04

වයස එතකොට එච්චරයි. ගෙවල් පල්ලෙහා පාරේ ත්‍රී සිංහ බේකරි කඩෙන් ගෙනාපු ගල් බනිස් ගෙඩියක් අම්මා හිතුවක්කාරයගේ අතට දුන්නා. ‘‘හැමෝටම කෑල්ලක් තියන්න“ Chia-Seed-Rock-Cakes
ඔන්න මං ගණින්න ගත්තා.
අම්මා, තාත්තා, ලොකු අයියා, පොඩි අයියා, ලොකු අක්කා, අක්කා, මං (ආච්චියි සීයයි තරහයිනේ එතකොට. ඒ කතාව මෙතැනින්.) කොහොමහරි කෑලි හතකට බෙදාගත්තයි කියමුකෝ. (වෙරළු ගෙඩියකුත් බෙදපු එකේ ගල් බනිස් ගෙඩියක් මොකක්ද?) මං මගේ කෑල්ල කෑවා. දැන් ඉතින් නලියනවා. ගල් බනිසෙකින් චූටි කෑල්ලක් කාලා හිත හදාගන්නේ කොහොමෙයි ඉතින්.

‘‘අම්මේහ්… බඩගිනියි. ගල් බනිස් එකෙන් චුට්ටයිනේ මට ඉතුරු වුණේ.“
‘‘මට හිතුණා. කමක් නෑ පුතේ. අයියලා අක්කලා එද්දි දවල් වෙනවනේ. තාත්තගේ කෑල්ලත් එක්ක ඒ ටික කන්න. මං එයාලට වෙන එකක් ගෙනත් දෙන්නම්.“

ඉතිං ඔන්න මං ඒ ටිකත් කෑවා. දැන් ඉතින් මිදුල පැත්තේ රවුමක් ගිහින් ආවා කියමුකෝ. මේසෙ උඩ අම්මට ඉතුරු කරපු කෑල්ල. අනිත් ඔක්කෝමත් කාලා ඉතුරු කෑල්ලත් කටක් ඇරලා ඉල්ලන්නේ කොහොමෙයි ඉතිං…!

‘‘පුතේ. අනිත් ගල්බනිස් කෑල්ලත් කාපං.“
‘‘එතකොට අම්මට…“
“මං තව ටිකකින් බත් කනවනේ. උඹ ඕක කාපං“

ඒ තමයි මගේ අම්මා…

හිතුවක්කාර ජීවිතය 03 මෙතැනින්…

Advertisements

2 Comments Add yours

  1. අම්මලා එහෙම තමයි පුතා!

    (මේ ලියවිලි තව විශාල පිරිසක් විසින් කියවිය යුතුයි!)

    කැමතියි

    1. Rathu Hithuwakkaraya පවසයි:

      ස්තුතියි!. කාලෙකට කලින් දැක්ක පෝස්ටරේක තිබුණා ද්වාරකාගේ අම්මාත් අපේ අම්මා වගේමයි කියලා. ඉතින් ඔබේත් මගේත් අම්මා මෙහෙමයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )