යුද්ධයෙන් වසර 06කට පසුත්…

     ඉහත තියෙන්නේ ෂ්‍යාමෙන් වෝල්කර්  https://www.facebook.com/ sswalker86  චිත්‍ර ශිල්පිනියගේ මූණු පොතෙන් උපුටා ගනිපු චිත්‍රයක්. හිතුවක්කාරයා මූණුපොතේ සරද්දි මේ චිත්‍රය දැකලා කවියක් කමන්ට් කලා. Advertisements

හිතුවක්කාර ජීවිතය 01 – අම්මාගේ ආදරය එක්ක…

     තවත් අම්මාවරුන්ගේ දිනයක් ඉකුත්ව ගොස් තිබේ. බොහෝ අය මූණුපොතේ අම්මා ගැන තමන්ගේ හැඟීම සටහන් කර තිබේ. අම්මා ගැන කතාකිරීම මැයි 10වනදාට විශේෂයක් කරගැනීම පිළිබද වරදකාරී හැඟීමක් දැනුණද හිතුවක්කාර ජීවිතය අම්මාගෙන්ම අරඹමි. ඒ ලෝකය තැනෙන්නේ හිරුගේ එළියෙන් හා මවගේ කිරෙන්ම බව ගෝර්කිට පමණක් නොව හිතුවක්කාර ජීවිතයකට වුව අදාල බැවිනි.

පුවත් වාර්තාකරණය හා මාධ්‍ය සදාචාරය

මේ පෙනෙන්නේ 2015 අප්‍රේල් 30 මව්බිම දිනපතා පුවත්පතේ මුල්පිටුවේ ඡායාරූපය. නම්කරලා තියෙන්නේ හාමුදුරුවනේ කියලා. ඒ ආමන්ත්‍රණය සහිතව ඔබ මේ ඡායාරූපය දකිද්දි මොනවද හිතෙන්නේ. අනේ හාමුදුරුවනේ කියලා නේද? ඔව්! ඒ අපේක්ෂාව සහිතව තමා මේ නම්කිරීම ඔවුන් (පුවත්පත) කරන්නේ. ඡායාරූපයේ සිටින ස්වාමීන් වහන්සේට ජල ප්‍රහාරය එල්ලවීමේදී ලිහිල්වන සිවුර උන්වහන්සේ සකසාගැනීමේදී ගත් ඡායාරූපයක් මේ. නමුත් එය හාමුදුරුවනේ යනුවෙන්…

හිතුවක්කාර ගීත කලාව (විරෝධාකල්ප ගීත)

හිතුවක්කාරයා ගොඩාක් යාළුවෝ එක්ක වල බහින්න කැමතියි. එහෙම වුණේ මං හැදිච්ච පරිසරේ නිසා වෙන්න ඇති. ගාලු අහස යට හැදිච්ච මං ඒ අහස පුරාවට එහේ මෙහේ ඇවිද්දා. තේරුමක් ඇතුව වගේම නැතුවත්. ඒ ඇවිදින හැම තැනකදිම යාළුවො සෙට්වෙනවා, උන් එක්ක ඔහේ ඇවිදිනවා.